README-si.md
[] සහ ![] සමානයtrue, ![]ට සම නොවේ, නමුත් [] ට ද සම නොවේ.NaN යනු NaN නොවේ[] සත්‍යමය නමුත් true නොවේnull අසත්‍යමය මුත් අසත්‍ය නොවේdocument.all යනු වස්තුවකි, නමුත් එය අර්ථ විරහිතය.undefined සහ NumberparseInt නරක මිනිසෙකිtrue and falseNaN is [] සහ null වස්තූන් ය.0.1 + 0.2 හි නිරවද්‍යතාවString හි නිදර්ශකයක් නොවේ__proto__ සමඟ මූලාකෘති වෙත ප්‍රවේශ වීම`${{Object}}`try..catcharguments සහ ඊතල කෘත්‍යයන්Number.toFixed() වෙනස් අංක පෙන්වයිMath.min()ට වඩා Math.max() කුඩා යnull සහ 0 සැසඳීම[] සහ ![] සමානයtrue, ![]ට සම නොවේ, නමුත් [] ට ද සම නොවේ.NaN යනු NaN නොවේ[] සත්‍යමය නමුත් true නොවේnull අසත්‍යමය මුත් අසත්‍ය නොවේdocument.all යනු වස්තුවකි, නමුත් එය අර්ථ විරහිතය.undefined සහ NumberparseInt නරක මිනිසෙකිtrue and falseNaN is [] සහ null වස්තූන් ය.0.1 + 0.2 හි නිරවද්‍යතාවString හි නිදර්ශකයක් නොවේ__proto__ සමඟ මූලාකෘති වෙත ප්‍රවේශ වීම`${{Object}}`try..catcharguments සහ ඊතල කෘත්‍යයන්Number.toFixed() වෙනස් අංක පෙන්වයිMath.min()ට වඩා Math.max() කුඩා යnull සහ 0 සැසඳීමහාස්යජනක සහ දුරවබෝධ JavaScript උදාහරණ
JavaScript යනු විශිෂ්ට ක්‍රමලේඛන භාෂාවකි.එයට සරල වින්‍යාසයක් සහ පුළුල් පද්ධතියක් ඇති අතර වඩාත්ම වැදගත් කරුණක් ලෙස එය සතුව විශිෂ්ට ප්‍රජාවක් සිටී.කෙසේ නමුත් JavaScript ක්‍රමලේඛන භාෂාවේ වටහා ගැනීමට දුෂ්කර කොටස් ද ඇති බව අපි සියල්ලෝම දනිමු. මෙවැනි සමහරක් කො ටස් අපගේ එදිනෙදා ක්‍රමලේඛන කාර්යයන් ඉක්මනින් මහත් අවුලට පත් කිරීමට සමත් අතර තවත් සමහරක් අපව මහා හඬින් සිනහ නැංවීමට සමත්ය.
WTFJS සඳහා මුල් අදහසේ හිමිකම Brian Leroux සතුය.මෙම ලැයිස්තුව ඔහුගේ 2012 DOTJS හි WTFJS දේශනය විසින් පොළඹවන ලද්දකි.
ඔබට මෙම අත්පොත npm හරහා ස්ථාපනය කරගත හැකිය.මේ සඳහා පහත විධානය ක්‍රියාත්මක කරන්න.
$ npm install -g wtfjs
දැන් ඔබට විධාන පෙළ හරහා wtfjs ක්‍රියාත්මක කළ හැකි විය යුතුය. මෙය තෝරාගත් $PAGER හි අත්පිටපත විවෘත කරනු ඇත. එසේ නැත්නම් ඔබට මෙහිදී නොනැවතී කියවිය හැකිය.
මූලය මෙහිදී ලබාගත හැක: https://github.com/denysdovhan/wtfjs
දැනට wtfjs හි පහත පරිවර්තන පවතී.
[] සහ ![] සම වේtrue සහ ![] සම නොවේ, නමුත් [] ද සම නොවේ.NaN යනු NaN නොවේ[] සත්‍යමය මුත් සත්‍ය නොවේඅසත්ය නොවේdocument.all යනු වස්තුවකි , නමුත් එය අර්ථ විරහිතය undefined සහ NumberparseInt නරක පුද්ගලයෙකිසත්ය සහ අසත්‍ය සමඟ ගණිතයNaN යනු සංඛ්‍යාවක් නොවේ[] සහ null යනු වස්තූන් ය0.1 + 0.2 හි නිරවද්‍යතාවString හි නිදර්ශක නොවේඉදිකරන්නා ගුණයක්__proto__ සමඟ මූලාකෘති වෙත ප්‍රවේශ වීම`${{Object}}`try..catchපරාමිතික අගයන් සහ ඊතල කෘත්‍යයන්Number.toFixed() වෙනස් අංක පෙන්වයිMath.max(), Math.min()ට වඩා කුඩා යඅභිශුන්යය සහ ශුන්‍යය සැසඳීමහුදෙක් විනෝදය උදෙසා
— “හුදෙක් විනෝදය උදෙසා: අහඹු විප්ලවයක කතාව”, ලීනස් ටොවාල්ඩ්ස්
මෙම ලැයිස්තුවේ මූලික අරමුණ වන්නේ උන්මාදනීය උදාහරණ එක්රැස් කිරීම සහ හැකිනම් ඒවා පැහැදිලි කිරීමයි; මක් නිසාද යත් අප මීට පෙර නොදැන සිටි දෙයක් ඉගෙනීම විනෝදජනක බැවිනි.
ඔබ ආධුනිකයකු නම් , JavaScript හි ගැඹුරට පිවිසෙන්නට මෙම සටහන් උපකාරී වනු ඇත. පිරිවිතර වැඩියෙන් කියවන්නට සහ ඒ සමඟ කල් ගෙවන්නට මෙම සටහන් ඔබට අභිප්‍රේරණයක් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.
ඔබ වෘත්තීමය සංවර්ධකයෙකු නම්, ඔබට මෙම උදාහරණ අපගේ ආදරණීය JavaScript හි අනපේක්ෂිත සහ අසාමාන්‍ය අංශ පිළිබඳ යොමුවක් ලෙස සැලකිය හැක.
කවුරුන් හෝ වේවා, හුදෙක් මෙය කියවන්න. බොහෝ විට ඔබ අලුත් දෙයක් සොයා ගනු ඇත.
// -> භාවිත කෙරෙන්නේ ප්‍රකාශනයක ප්‍රතිඵලය දැක්වීමටයි. උදා:
1 + 1; // -> 2
// > මඟින් අදහස් වන්නේ console . log () හෝ වෙනත් ප්‍රතිදානයක ප්‍රතිඵලයකි. :
console.log("hello, world!"); // > hello, world!
// යනු හුදෙක් විවරණය සඳහා යොදා ගත් ටීකාවකි. උදා:
// foo නියතයට කෘත්‍යයක් පැවරීම
const foo = function() {};
[] සහ ![] සමානයඅරාව, නැත අරාව ට සමානය:
[] == ![]; // -> true
වියුක්ත සමානතා කාරකය, සැසඳීම සඳහා දෙපසම සංඛ්‍යා බවට හරවයි, මෙවිට දෙපසම වෙනස් හේතු නිසා 0 බවට පත් වේ. අරාවන් සත්‍යමය බැවින් මෙහි දකුණු පස අසත්‍ය යන්නට ද අනතුරුව 0 බවට ද පත්වේ. කෙසේ නමුත් වම් පසෙහි හිස් අරාවක් බූලියානු අගයක් බවට පත් නොවී ම සංඛ්‍යාවක් බවට පත් වේ.(සත්‍යමය වීම නොසලකා, හිස් අරාවන් 0 බවට පත් කෙරේ.)
පහත දැක්වෙන්නේ මෙම ප්‍රකාශනය සරල වන ආකාරයයි.:
+[] == +![];
0 == +false;
0 == 0;
true;
[] සත්‍යමය මුත් සත්‍ය නොවේ ද බලන්න.
true, ![]ට සම නොවේ, නමුත් [] ට ද සම නොවේ.අරාව සත්‍ය නොවන මුත් නැත අරාව ද සත්‍ය නොවේ අරාව අසත්‍ය ය, එහෙත් නැත අරාව ද අසත්‍ය ය.
true == []; // -> false
true == ![]; // -> false
false == []; // -> true
false == ![]; // -> true
true == []; // -> false
true == ![]; // -> false
// පිරිවිතරයට අනුව
true == []; // -> false
toNumber(true); // -> 1
toNumber([]); // -> 0
1 == 0; // -> false
true == ![]; // -> false
![]; // -> false
true == false; // -> false
false == []; // -> true
false == ![]; // -> true
// පිරිවිතරයට අනුව
false == []; // -> true
toNumber(false); // -> 0
toNumber([]); // -> 0
0 == 0; // -> true
false == ![]; // -> false
![]; // -> false
false == false; // -> true
!!"false" == !!"true"; // -> true
!!"false" === !!"true"; // -> true
මෙය පියවරෙන් පියවර සලකන්න:
//
true සත්‍යමය වන අතර අගය 1 මඟින් නිරූපණය වේ. පෙළ මාදිලියේදී 'true' යනු සංඛ්‍යාවක් නොවේ
true == "true"; // -> false
false == "false"; // -> false
// ‘false’ යනු හිස් පෙළක් නොවේ, එමනිසා එය සත්‍යමය අගයකි
!!"false"; // -> true
!!"true"; // -> true
"b" + "a" + +"a" + "a"; // -> 'baNaNa'
මෙය JavaScriptහි පැරණි, එහෙත් වැඩිදියුණු කරන ලද විහිළුවකි.මුල් පිටපත පහත දැක්වේ:
"foo" + +"bar"; // -> 'fooNaN'
මෙම ප්‍රකාශනය 'foo' + (+'bar') ලෙස නිර්ණය වේ; 'bar', “සංඛ්‍යාවක් නොවේ( NaN )” යන්නට පරිවර්තනය වේ.
NaN යනු NaN නොවේNaN === NaN; // -> false
පිරිවිතරය දැඩි ලෙස ම, මෙම හැසිරීමට හේතුවන තර්කය අර්ථ දක්වයි:
Type(x)සහType(y)වෙනස් නම්, false ප්‍රතිදානය කරන්න.Type(x)සංඛ්‍යාවක් නම්, එවිට,
- If
x, NaN නම්, false දෙන්න.- If
y, NaN නම්, false දෙන්න.- … … …
IEEE හි NaN කාරකය පිළිබඳ අර්ථ දැක්වීම අනුගමනය කරමින්:
අන්‍යොන්‍ය වශයෙන් බහිෂ්කාර බන්ධුතා හතරක් වලංගුය: වඩා කුඩා, සමාන, වඩා විශාල, සහ අපිළිවෙළ වශයෙනි. අවම වශයෙන් එක සම්ප්‍රදානයක් හෝ සංඛ්‍යාවක් නොවන විට අවසාන අවස්ථාව උද්ගත වේ. සෑම “සංඛ්‍යාවක් නොවේ” අගයක් ම , තමා ද ඇතුළු ව, සියල්ල සමඟ අපිළිවෙල සසඳයි.
— “IEEE754 සංඛ්‍යාවක් නොවේ අගයන් සැසඳීම් සියල්ල සඳහා අසත්‍ය ප්‍රතිදානය වීමට හේතුව කුමක් ද?” at StackOverflow
ඔබ විශ්වාස නොකරනු ඇත, නමුත් …
(![] + [])[+[]] +
(![] + [])[+!+[]] +
([![]] + [][[]])[+!+[] + [+[]]] +
(![] + [])[!+[] + !+[]];
// -> 'fail'
ඉහත සංකේත පෙළ කැබලිවලට කඩා ගැනීම මඟින්, පහත රටාව නිතර ඇතිවන බව අප හඳුනා ගනී:
![] + []; // -> 'false'
![]; // -> false
ඉතින් අපි false ට [] එකතු කිරීමට තැත් කරමු. නමුත් අභ්‍යන්තර කෘත්‍ය ඇමතුම් ගණනාවක් නිසා (binary + Operator -> ToPrimitive -> [[DefaultValue]]), එය, දකුණු පස පෙළ ට පරිවර්තනය කිරීමෙන් අවසන් වේ.
![] + [].toString(); // 'false'
පෙළ අරාවක් ලෙස සැලකීමෙන්, [0] මඟින් අපට එහි පළමු අක්ෂරය වෙත ප්‍රවේශ විය හැකිය:
"false"[0]; // -> 'f'
ඉතිරිය ප්‍රත්‍යක්ෂ ය., නමුත් i නොමඟ යවන සුළු ය. “fail” හි i යන්න, ['10'] ස්ථානයේ ඇති අවයවය ග්‍රහණය කිරීමෙන් සහ පෙළ 'falseundefined' උත්පාදනය වීමෙන් ග්‍රහණය කෙරෙනු ලැබේ.
[] සත්‍යමය නමුත් true නොවේඅරාවක් යනු සත්‍යමය අගයකි, කෙසේ නමුත් එය true ට සමාන නොවේ.
!![] // -> true
[] == true // -> false
ECMA-262 පිරිවිතරයෙහි අදාළ කොටස් වලට සබැඳි පහත දැක්වේ:
null අසත්‍යමය මුත් අසත්‍ය නොවේnull අසත්‍යමය යන්න නොසලකා, එය false යන්නට සම නොවේ
!!null; // -> false
null == false; // -> false
කෙසේ නමුත්, 0 සහ ”” වැනි අසත්‍යමය අගයන් false ට සම වේ
0 == false; // -> true
"" == false; // -> true
විවරණය ඉහත උදාහරණය සඳහා පරිදි ම වේ. අදාළ සබැඳිය පහත දැක්වේ:
document.all යනු වස්තුවකි, නමුත් එය අර්ථ විරහිතය.⚠️ මෙය පිරික්සුම් යෙදුම් ක්‍රමලේඛ අතුරුමුහුණතේ කොටසක් වන අතර Node.js පරිසරයක ක්‍රියා නොකරනු ඇත ⚠️
document.all යන්න අරාවක් වැනි වස්තුවක් ය යන්න නොසලකා, එය, පිටුවේ DOM අවයව වෙත ප්‍රවේශය සපයයි. එය typeof කෘත්‍යය ට අර්ථ විරහිත ය යන්නෙන් ප්‍රතිචාර දක්වයි.
document.all instanceof Object; // -> true
typeof document.all; // -> 'undefined'
තව ද, document.all, undefined ට සම නොවේ.
document.all === undefined; // -> false
document.all === null; // -> false
නමුත්:
document.all == null; // -> true
document.all, විශේෂයෙන් IE හි පැරණි මාදිලියන්හිදී, DOM අවයව වෙත ප්‍රවේශ වීමේ මාර්ගයක් ලෙස සැලකුණි. එය කිසි විටෙකත් සම්මතයක් නොවුව ද පැරණි JS කේතයේ එය පුළුල්ව භාවිත විනි. සම්මතය නව අතුරුමුහුණත් සමඟ ප්‍රගමනය වන වූ විට මෙම අතුරුමුහුණත් ඇමතුම යල්පිනූ අතර සම්මත සම්පාදන කොමිසමට එමඟින් කරන්නේ කුමක්ද යන්න තීරණය කිරීමට සිදුව තිබිණි. නමුත් එහි පුළුල් භාවිතය නිසා ඔවුන්, පිරිවිතරයට සචින්ත්‍ය උල්ලංඝනයක් එක් කරමින්, එම අතුරුමුහුණත පවත්වා ගැනීමට තීරණය කරන ලදී. දැඩි සමානතා සැසඳීමේ දී එයfalseටundefinedලෙසත්, වියුක්ති සමානතා සැසඳීමේ දීtrueලෙසත් ප්‍රතිචාර දැක්වීමට හේතුව පිරිවිතරයේ සචින්ත්ය උල්ලංඝනය කිරීමයි.— “යල්පිනු විශේෂාංග - document.all” at WhatWG - HTML spec — “පරිච්ජේදය 4 - ToBoolean - අසත්‍යමය අගයන්” at YDKJS - Types & Grammar
Number.MIN_VALUE යනු කුඩා ම සංඛ්‍යාවයි; එය ශුන්‍යය ට වඩා විශාල ය:
Number.MIN_VALUE > 0; // -> true
Number.MIN_VALUEහි අගය5e-324වන අතර එය float හි නිරවද්‍යතාව යටතේ නිරූපණය කළ හැකි කුඩාම ධන සංඛ්‍යාවයි. එය float දත්ත වර්ගයට ලබා දිය හැකි හොඳම විභේදනය අර්ථ දක්වයි.තදබල ලෙස සැලකීමේදී සත්‍ය වශයෙන් ම සංඛ්‍යාත්මක නොවුවත්,දැන් සමස්ත කුඩාතම අගය
Number.NEGATIVE_INFINITYවේ.— "JavaScript හි දී
Number.MIN_VALUEට වඩා ශුන්‍යය කුඩා වන්නේ මන් ද?" StackOverflow හි
⚠️ V8 v5.5 හෝ පහළ (Node.js <=7) පවතින දෝෂයකි ⚠️
ඔබ සැවොම කරදරකාරී undefined is not a function දනී, නමුත් මෙය කුමක් ද?
// null දීර්ඝ කරන පන්තියක් අර්ථ දැක්වීම
class Foo extends null {}
// -> [Function: Foo]
new Foo() instanceof null;
// > TypeError: function is not a function
// > at … … …
මෙය පිරිවිතරයෙහි කොටසක් නොවේ. මෙය මේ වන විට නිරාකරණය කර ඇති දෝෂයකි, එමනිසා අනාගතයේදී මෙවැනි ගැටළුවක් පැන නොනඟිනු ඇත.
ඔබ අරාවන් දෙකක් එකතු කිරීමට තැත් කළහොත් කුමක් සිදුවනු ඇත් ද?
[1, 2, 3] + [4, 5, 6]; // -> '1,2,34,5,6'
සමෝච්ජය සිදුවේ. මෙය පියවරෙන් පියවර, පහත පරිදි දැක්විය හැක:
[1, 2, 3] +
[4, 5, 6][
//toString() කැඳවන්න
(1, 2, 3)
].toString() +
[4, 5, 6].toString();
// සමෝච්ජය
"1,2,3" + "4,5,6";
// ->
("1,2,34,5,6");
ඔබ හිස් අයිතම 4 ක අරාවක් නිර්මාණය කර ඇත. කෙසේ නමුත් පසු යෙදුම් කොමාවන් නිසා, ඔබට අවයව 3කින් සමන්විත අරාවක් ලැබෙනු ඇත:
let a = [, , ,];
a.length; // -> 3
a.toString(); // -> ',,'
JavaScript කේතයට නව අවයව, පරාමිතීන් හෝ ගුණාංග එක් කිරීමේදී පසුයෙදුම් කොමා ( සමහර විට අවසන් කොමා ලෙස හැඳින්වෙන) ප්‍රයෝජනවත් විය හැක. ඔබට නව ගුණයක් එක් කිරීමට අවශ්‍ය විට, කලින් අවසාන පේලිය දැනටමත් පසුයෙදුම් කොමාවක් භාවිත කරන්නේ නම්, ඔබට සරලවම එම පේලිය විකෘත කිරීමකින් තොරව නව පේළියක් එක් කළ හැක. මෙය පිටපත්-පාලන වෙනස්කම් පිරිසිදුව පවත්වා ගන්නා අතරම කේත සංස්කරණ බාධා අවම කරයි.
— පසුයෙදුම් කොමා at MDN
ඔබ ට පහත දැකිය හැකි පරිදි, අරාවන් සැසඳීම යක්ෂයෙකි:
[] == '' // -> true
[] == 0 // -> true
[''] == '' // -> true
[0] == 0 // -> true
[0] == '' // -> false
[''] == 0 // -> true
[null] == '' // true
[null] == 0 // true
[undefined] == '' // true
[undefined] == 0 // true
[[]] == 0 // true
[[]] == '' // true
[[[[[[]]]]]] == '' // true
[[[[[[]]]]]] == 0 // true
[[[[[[ null ]]]]]] == 0 // true
[[[[[[ null ]]]]]] == '' // true
[[[[[[ undefined ]]]]]] == 0 // true
[[[[[[ undefined ]]]]]] == '' // true
ඔබ ඉහත උදාහරණ සඳහා මහත් පරීක්ෂාවෙන් සිටිය යුතුය! මෙම හැසිරීම, පිරිවිතරයේ 7.2.13 වියුක්ත සමානතා සැසඳීම අංශයේ විස්තර කෙරේ.
undefined සහ Numberඅප, Number තනන්නාට කිසිදු පරාමිතියක් යොමු නොකරයි නම්, අපට 0 ලැබේ. සත්‍ය පරාමිතීන් නොමැතිවිට නිල පරාමිතීන්ටඅර්ථ විරහිත අගය පැවරෙයි. මෙනිසා පරාමිති නොමැති Number, අර්ථ විරහිත යන්න එහි පරාමිතියේ අගය ලෙස ගනු ඇතැයි ඔබ බලාපොරොත්තු විය හැකිය. කෙසේ නමුත්, අප අර්ථ විරහිත යොමු කළ විට අපට සංඛ්‍යාවක් නොවේ යන්න ලැබේ
Number(); // -> 0
Number(undefined); // -> NaN
පිරිවිතරයට අනුව:
n = +0`.ලෙස ගනිමු.n = ToNumber(value). ලෙස ගනිමුඅර්ථ විරහිත වීමක දී, ToNumber(undefined) විසින් NaN ප්‍රතිදානය කළ යුතුය.අනුකූල අංශය පහත පරිදි වේ:
parseInt නරක මිනිසෙකිparseInt, එහි චරිත ලක්ෂණ නිසා ප්‍රසිද්ධය:
parseInt("f*ck"); // -> NaN
parseInt("f*ck", 16); // -> 15
💡 විවරණය: මෙය සිදුවන්නේ කුමක් නිසා ද යත්, parseInt විසින් එය නොදන්නා අක්ෂරයක් හමු වනතුරු අකුරෙන් අකුර අඛණ්ඩව විග්‍රහ කරන බැවිනි. 'f*ck' හි f යනු අගය 15 වන සොළොස්වන පාදයේ සංඛ්‍යාවයි.
අනන්තය, පූර්ණ සංඛ්‍යාවක් බවට විග්‍රහ කිරීම තරමක් වැදගත්ය
//
parseInt("Infinity", 10); // -> NaN
// ...
parseInt("Infinity", 18); // -> NaN...
parseInt("Infinity", 19); // -> 18
// ...
parseInt("Infinity", 23); // -> 18...
parseInt("Infinity", 24); // -> 151176378
// ...
parseInt("Infinity", 29); // -> 385849803
parseInt("Infinity", 30); // -> 13693557269
// ...
parseInt("Infinity", 34); // -> 28872273981
parseInt("Infinity", 35); // -> 1201203301724
parseInt("Infinity", 36); // -> 1461559270678...
parseInt("Infinity", 37); // -> NaN
null විග්‍රහ කිරීමේදී ද ප්‍රවේශම් වන්න.:
parseInt(null, 24); // -> 23
💡 විවරණය:
එය අභිශුන්‍යය, පෙළ
nullබවට පරිවර්තනය කිරීමට උත්සාහ කරයි. පාදම 0 සිට 23 දක්වා එයට පරිවර්තනය කළ හැකි සංඛ්‍යාවක් නොමැති නිසා එයසංඛ්යාවක් නොවේයන්න ප්‍රතිදානය කරයි. 24 හිදී, 14 වනඅක්ෂරය වන n , සංඛ්‍යා පද්ධතියට එක් වේ. 31 හි දී, 21 වන අක්ෂරය වන “u ” එක් කෙරෙන අතර සම්පූර්ණ පෙළ විකේතනය කළ හැකි වේ. 37 හිදී, තවදුරටත්, ජනිත කළ හැකි වලංගු සංඛ්‍යාත්මක කුලකයක් නොමැති බැවින්සංඛ්යාවක් නොවේයන්න ප්‍රතිදානය වේ.— “parseInt(null, 24) === 23… මොකක්?” StackOverflow හි
අෂ්ටක අමතක නොකරන්න:
parseInt("06"); // 6
parseInt("08"); // 8 if support ECMAScript 5
parseInt("08"); // 0 if not support ECMAScript 5
💡 විවරණය: ප්‍රතිදාන පෙළ “0” න් ආරම්භ වේ නම් , පාදය අට (8) හෝ දහය (10) වේ. නිශ්චිතවම කුමන පාදය තොරාගැනේද යන්න ක්‍රියාකාරීත්වය මත රඳා පවතී. 10 භාවිත වන බව ECMAScript 5 මඟින් නිශ්චය කෙරෙන මුත් සියලු වෙබ් පිරික්සුම් තවම මෙයට සහය නොදක්වයි. මේ හේතුව නිසා parseInt භාවිතයේ දී සෑම විටම පාදය සඳහන් කරන්න.
parseInt සැමවිටම ප්‍රදානය පෙළ බවට හරවයි:
parseInt({ toString: () => 2, valueOf: () => 1 }); // -> 2
Number({ toString: () => 2, valueOf: () => 1 }); // -> 1
Be careful while parsing floating point values
parseInt(0.000001); // -> 0
parseInt(0.0000001); // -> 1
parseInt(1 / 1999999); // -> 5
💡 විවරණය: ParseInt විසින් පෙළ පරාමිතියක් ගෙන සඳහන් කරන ලද පාදයේ නිඛිලයක් ප්‍රතිදානය කරයි.තව ද එමඟින්, යොමු කළ පෙළ පරාමිතියේ, පළමු අංකයක් නොවන අක්ෂරය සහ ඊට පසු සියල්ල ඉවත් කරනු ලැබේ. 0.000001, "0.000001" නම් පෙළ බවට පරිවර්තනය වන අතර parseInt විසින් 0 ප්‍රතිදානය කෙරෙයි. 0.000001 පෙළ බවට හැරවූ විට එය "1e-7" ලෙස සැලකෙන අතර එහෙයින් parseInt විසින් 1 ප්‍රතිදානය කෙරෙයි. 1/1999999, 5.00000250000125e-7 ලෙස නිරූපණය කෙරෙන අතර parseInt විසින් 5 ප්‍රතිදානය කෙරේ.
true and falseඅපි ගණනය කිරීමක යෙදෙමු:
true +
true(
// -> 2
true + true
) *
(true + true) -
true; // -> 3
හ්ම්… 🤔
Number තනන්නා මඟින් අපට අගයන් සංඛ්‍යා බවට පත් කළ හැකිය. true, 1 බවට හැරවෙන බව ඉතා ප්‍රත්‍යක්ෂය.:
Number(true); // -> 1
ඒකක ආකලන කාරකය, එහි අගය සංඛ්‍යාවක් බවට පත්කිරීමට උත්සාහ කරයි. එයට, නිඛිල සහ දශම සංඛ්‍යා වල පෙළ නිරූපණයන් මෙන්ම පෙළ අගයන් නොවන true, false සහ null ද පරිවර්තනය කළ හැකිය. එයට කිසියම් අගයක් පරිවර්තනය කළ නොහැකි නම්, එය Nan ලෙස නිර්ණය වේ. මෙයින් අදහස්වන්නේ අපට ඉතා පහසුවෙන් true යන්න 1 බවට හැරවිය හැකි බවයි:
+true; // -> 1
ඔබ එකතු කිරීම හෝ ගුණ කිරීම කරන විට, ToNumber විධිය ව්‍යකෘත වේ. පිරිවිතරය ට අනුව මෙම විධියෙන් ලබා දෙන්නේ:
පරාමිතිය සත්‍ය නම්, 1 ප්‍රතිදානය කරන්න. අසත්‍ය නම් +0 ප්‍රතිදානය කරන්න.
අපට සාමාන්‍ය සංඛ්‍යා පරිදි බූලියානු අගයන් ආකලනය කර නිවැරදි පිළිතුරු ලබා ගත හැක්කේ මේ නිසා ය..
අනුකූල අංශ:
ඔබ පුදුම වනු ඇත, නමුත් <!--(HTML ටීකා ලෙස හැඳින්වෙන) යනු JavaScript හි වලංගු ටීකාවකි.
// valid comment
<!-- valid comment too
HTML ආකාර ටීකාවන්හි අරමුණ වූයේ <script /> ඇමුණුමට සහය නොදක්වන වෙබ් පිරික්සුම් වලට සහය වීමයි. මෙම පිරික්සුම් (උදා: Netscape 1.x ආදී) තව දුරටත් ජනප්‍රිය නොවේ. එමනිසා ඔබේ <script /> ඇමිණුම් වටා HTML ටීකාවන් යෙදීමට කිසිදු සාධාරණ හේතුවක් නැත.
V8 engine මත Node.js පදනම් වී ඇති බැවින්, Node . js විසින් ද HTML-ආකාරයේ ටීකා සඳහා සහය දක්වයි. තව ද, එය පිරිවිතරයෙහි කොටසකි:
NaN is NaN හි වර්ගය සංඛ්‍යා වේ.:
typeof NaN; // -> 'number'
typeof සහ instanceof ක්‍රියා කරන ආකාරය පිළිබඳ විවරණයන්:
[] සහ null වස්තූන් ය.typeof []; // -> 'object'
typeof null; // -> 'object'
// however
null instanceof Object; // false
typeof කාරකයේ හැසිරීම, පිරිවිතරයේ මෙම කොටසේ අර්ථ දැක්වේ:
පිරිවිතරයට අනුව, වගුව 35: typeof කාරකයේ ප්‍රතිඵල . ට අනුකූලව typeof කාරකය විසින් පෙළ ප්‍රතිදානය කරයි. [[Call]] ක්‍රියාත්මක නොකරන අභිශුන්‍යය , සාමාන්‍ය, සම්මත විදේශීය සහ අසම්මත විදේශීය වස්තුන් සඳහා, එය “object ” පෙළ ප්‍රතිදානය කරයි.
කෙසේ නමුත්, toString විධිය භාවිතයෙන් ඔබට වස්තුවක වර්ගය පරීක්ෂා කළ හැකිය.
Object.prototype.toString.call([]);
// -> '[object Array]'
Object.prototype.toString.call(new Date());
// -> '[object Date]'
Object.prototype.toString.call(null);
// -> '[object Null]'
999999999999999; // -> 999999999999999
9999999999999999; // -> 10000000000000000
10000000000000000; // -> 10000000000000000
10000000000000000 + 1; // -> 10000000000000000
10000000000000000 + 1.1; // -> 10000000000000002
මෙයට හේතු වන්නේ ද්විමය දශම අංක ගණිතය සඳහා වන IEEE 754-2008 සම්මතයයි. මෙම පරිමාණයේ දී, එය ළඟම ඉරට්ටේ සංඛ්‍යාවට වටයයි. වැඩිදුර කියවන්න:
0.1 + 0.2 හි නිරවද්යතාවහොඳින් දන්නා විහිළුවකි. An addition of 0.1 and 0.2 is deadly precise:
0.1 +
0.2(
// -> 0.30000000000000004
0.1 + 0.2
) ===
0.3; // -> false
StackOverflow හි ”දශම සංඛ්‍යා අංක ගණිතය බිඳවැටී ද?” ප්‍රශ්නයට පිළිතුර:
ඔබේ ක්‍රමලේඛයේ 0.2 සහ 0.3, ඒවායේ සත්‍ය අගයන්ට නිමානය කිරීම් වේ. 0.2 ට සමීපම දශම සංඛ්‍යාව 0.2 ට වඩා විශාල වන අතර 0.3 ට සමීපම දශම සංඛ්‍යාව, 0.3 ට සම වේ.0.1 සහ 0.2 හි එකතුව 0.3 තාත්වික සංඛ්‍යාවට වඩා විශාල වී එය ඔබේ කේතයේ නියතයට අසමාන වේ.
මෙම ප්‍රශ්නය කෙතරම් ප්‍රසිද්ධ ද යත් 0.30000000000000004.com නමින් වෙබ් අඩවියක් පවා ඇත.එය JavaScript හි පමණක් නොව දශම සංඛ්‍යා ගණිතය භාවිත කරන සෑම භාෂාවකම ඇත
ඔබට, Number සහ String වැනි දැවටුම් වස්තූන් වලට ඔබේම විධීන් එක් කළ හැකිය.
Number.prototype.isOne = function() {
return Number(this) === 1;
};
(1.0).isOne(); // -> true
(1).isOne(); // -> true
(2.0)
.isOne()(
// -> false
7
)
.isOne(); // -> false
ප්‍රත්‍යක්ෂව ම, JavaScript හි වෙනත් ඕනෑම වස්තුවක් මෙන් ඔබට Number වස්තුව දීර්ඝ කළ හැකිය. කෙසේ නමුත්, අර්ථ දක්වන ලද විධිය, පිරිවිතරයේ කොටසක් නොවේ නම්, එය නිර්දේශ කරනු නොලැබේ.
Number' හි ගුණාංග ලැයිස්තුවක් පහත දැක්වේ.
1 < 2 < 3; // -> true
3 > 2 > 1; // -> false
මෙය ඒ අයුරින් ක්‍රියා කරන්නේ මන්ද? ප්‍රශ්නය ඇත්තේ ප්‍රකාශනයක පළමු කොටසේ ය.මෙය ක්‍රියා කරන්නේ මෙසේය.
1 < 2 < 3; // 1 < 2 -> true
true < 3; // true -> 1
1 < 3; // -> true
3 > 2 > 1; // 3 > 2 -> true
true > 1; // true -> 1
1 > 1; // -> false
Greater than or equal operator (>=) මඟින් අපට මෙය සැකසිය හැකිය:
3 > 2 >= 1; // true
බන්ධුතා කාරක පිළිබඳ පිරිවිතරයෙහි වැඩිදුර කියවන්න:
බොහෝ විට JavaScript හි අංක ගණිතය කර්ම වල ප්‍රතිඵල අනපේක්ෂිත විය හැකිය. පහත උදාහරණ සලකන්න:
3 - 1 // -> 2
3 + 1 // -> 4
'3' - 1 // -> 2
'3' + 1 // -> '31'
'' + '' // -> ''
[] + [] // -> ''
{} + [] // -> 0
[] + {} // -> '[object Object]'
{} + {} // -> '[object Object][object Object]'
'222' - -'111' // -> 333
[4] * [4] // -> 16
[] * [] // -> 0
[4, 4] * [4, 4] // NaN
පළමු උදාහරණ හතරෙහි සිදුවන්නේ කුමක් ද? JavaScript හි ආකලනය වටහා ගැනීම සඳහා කුඩා වගුවක් පහත දැක්වේ.:
Number + Number -> addition
Boolean + Number -> addition
Boolean + Boolean -> addition
Number + String -> concatenation
String + Boolean -> concatenation
String + String -> concatenation
අනෙකුත් උදාහරණ පිළිබඳ කවරේ ද? [] සහ {} සඳහා, ආකලනයට පෙර, ToPrimitive සහ ToString විධීන් සම්පුර්ණයෙන් අමතනු ලැබේ. පිරිවිතරයේ ඇගයීම් ක්‍රියාවලිය පිළිබඳව වැඩිදුර කියවන්න.
ඔබට මේ අයුරින් සං ඛ්‍යා එකතු කළ හැකි බව ඔබ දැන සිටියා ද?
// Patch a toString method
RegExp.prototype.toString =
function() {
return this.source;
} /
7 /
-/5/; // -> 2
String හි නිදර්ශකයක් නොවේ"str"; // -> 'str'
typeof "str"; // -> 'string'
"str" instanceof String; // -> false
String තනන්නා පෙළ ප්‍රතිදානය කරයි:
typeof String("str"); // -> 'string'
String("str"); // -> 'str'
String("str") == "str"; // -> true
අපි new සමඟ උත්සාහ කරමු:
new String("str") == "str"; // -> true
typeof new String("str"); // -> 'object'
වස්තුවක්? එය කුමක් ද?
new String("str"); // -> [String: 'str']
පෙළ තනන්නා පිළිබඳ වැඩිදුර තොරතුරු පිරිවිතරයෙන්:
අපි, කොන්සෝලයට සියලු පරාමිතීන් සටහන් කරන කෘත්‍යයක් ප්‍රකාශ කරමු:
function f(...args) {
return args;
}
මෙම කෘත්‍යය පහත පරිදි ඇමතිය හැකි බව ඔබ දන්නවාට සැක නැත:
f(1, 2, 3); // -> [ 1, 2, 3 ]
නමුත්, ඔබට ඕනෑම කෘත්‍යයක් පසුලකුණු සමඟ ඇමතිය හැකි බව ඔබ දැන සිටියාද?
f`true is ${true}, false is ${false}, array is ${[1, 2, 3]}`;
// -> [ [ 'true is ', ', false is ', ', array is ', '' ],
// -> true,
// -> false,
// -> [ 1, 2, 3 ] ]
ඔබ Tagged template literals පිළිබඳ දන්නේ නම් මෙය කිසිසේත් ම ඉන්ද්‍රජාලයක් නොවේ. ඉහත උදාහරණයේ, f කෘත්‍යය , ආකෘති වචනාර්ථයක ඇමිණුමකි . ආකෘති වචනාර්ථයට පෙර ඇමිණුම්, කෘත්‍යයක් ඇසුරෙන් ආකෘති වචනාර්ථ බිඳීමට ඔබට ඉඩ දෙයි. ඇමිණුම් කෘත්‍යයක පළමු පරාමිතියේ පෙළ අගයන් සහිත අරාවක් අඩංගුය. ඉතිරි පරාමිතීන් ප්‍රකාශනවලට සම්බන්ධ වේ. උදාහරණය:
function template(strings, ...keys) {
// do something with strings and keys…
}
React ප්‍රජාවේ ජනප්‍රිය, පිටුපස ක්‍රියාත්මක ඉන්ද්‍රජාලය famous library called 💅 styled-components, මෙයයි.
පිරිවිතරයට සබැඳිය:
[@cramforce] විසින් සොයා ගන්නා ලදී(http://twitter.com/cramforce)
console.log.call.call.call.call.call.apply(a => a, [1, 2]);
අවධානයට, එය ඔබේ මනස බිඳිය හැකියි. මෙම කේතය ඔබේ මනසේ නැවත උත්පාදනයට උත්සාහ කරන්න: අපි apply විධිය භාවිතයෙන් call විධිය යොදමු. වැඩිදුර කියවන්න.
thisArg, ...args)thisArg, argArray)const c = "constructor";
c[c][c]('console.log("WTF?")')(); // > WTF?
අපි පියවරෙන් පියවර මෙම උදාහරණය සලකා බලමු:
// අගය පෙළ “constructor” වන ලෙස නව නියතයක් අර්ථ දැක්වීම
const c = "constructor";
// c යනු වාක්‍යයකි( පෙළ )
c; // -> 'constructor'
// Getting a constructor of string
c[c]; // -> [Function: String]
// Getting a constructor of constructor
c[c][c]; // -> [Function: Function]
// Call the Function constructor and pass
// the body of new function as an argument
c[c][c]('console.log("WTF?")'); // -> [Function: anonymous]
// And then call this anonymous function
// The result is console-logging a string 'WTF?'

Object.prototype.constructor විසින් නිදර්ශක වස්තුව තැනු Object තැනුම් කෘත්‍යයට යොමුවක් ප්‍රතිදානය කරයි. එය පෙළ විෂයෙහි String , සංඛ්‍යා විෂයෙහි Number ආදී වශයෙන් වේ.
{ [{}]: {} } // -> { '[object Object]': {} }
මෙය මෙලෙසින් ක්‍රියා කරන්නේ මන් ද? මෙහි අප භාවිත කරන්නේ Computed property name කි. මෙම වරහන් තුළ ඔබ වස්තුවක් යොමු කළ විට, එය එම වස්තුව පෙළ බවට හරවයි. එමනිසා අපට '[object Object]' සහ {} අගය ලැබේ.
අපට වරහන් ජාලාව මෙලෙස තැනිය හැක:
({ [{}]: { [{}]: {} } }[{}][{}]); // -> {}
// structure:
// {
// '[object Object]': {
// '[object Object]': {}
// }
// }
වස්තු වචනාර්ථ පිළිබඳ මෙහි දී වැඩිදුර කියවන්න:
__proto__ සමඟ මූලාකෘති වෙත ප්‍රවේශ වීමඅප දන්නා පරිදි, ප්‍රාථමික දත්ත වර්ග වලට මුලාකෘති නොමැත. කෙසේ වෙතත්, ප්‍රාථමික දත්ත වර්ග සඳහා __proto__ හි අගය ගැනීමට උත්සාහ කළහොත්, අපට මෙය ලැබෙනු ඇත:
(1).__proto__.__proto__.__proto__; // -> null
මෙසේ වීමට හේතුව නම් යමකට මූලාකෘතියක් නොමැති විට, එය ToObject මඟින් දැවටී දැවටුම් වස්තුවක් බවට පත් වීමයි. එමනිසා, පියවරෙන් පියවර:
(1)
.__proto__(
// -> [Number: 0]
1
)
.__proto__.__proto__(
// -> {}
1
).__proto__.__proto__.__proto__; // -> null
__proto__ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතැනින්:
`${{Object}}`පහත ප්‍රකාශනයේ ප්‍රතිඵලය කුමක් ද?
`${{ Object }}`;
පිළිතුර නම්:
// -> '[object Object]'
අපි කෙටිඅත් ගුණාංග අංකනය භාවිතයෙන් Object ගුණාංගය සහිත වස්තුවක් අර්ථ දැක්වූයෙමු:
{
Object: Object;
}
ඉනික්බිති අපි මෙම වස්තුව ආකෘති වචනාර්ථයට යොමු කර තිබේ. එබැවින් එම වස්තුව උදෙසා toString විධිය ආමන්ත්‍රණය කෙරේ. අපට '[object Object]' පෙළ ලැබෙන්නේ මේ නිසා ය.
මෙම උදාහරණය සලකන්න:
let x,
{ x: y = 1 } = { x };
y;
සම්මුඛ පරීක්ෂණයක් සඳහා ඉහත උදාහරණය කදිමය. y හි අගය කුමක් ද? පිළිතුර නම්:
// -> 1
let x,
{ x: y = 1 } = { x };
y;
// ↑ ↑ ↑ ↑
// 1 3 2 4
ඉහත උදාහරණයේ,
අර්ථ විරහිතය.අරාවන් ව්‍යාප්තිය සමඟින් සිත් ඇදගන්නා සුළු උදාහරණ පබැඳිය හැකි ය. මෙය සලකන්න:
[...[..."..."]].length; // -> 3
3 ලැබෙන්නේ මන් ද? අප ව්‍යාප්ති කාරකය භාවිත කරන විට, @@iterator විධිය ආමන්ත්‍රණය කෙරෙන අතර ප්‍රතිදානය වන පුනරාවර්තනය, පුනරාවර්තනය වීමට නියමිත අගය ලබා ගැනීමට භාවිත වේ. පෙළ සඳහා පෙරනිමි පුනරාවර්තකය, පෙළ, අක්ෂර බවට ව්‍යාප්ත කරයි. ව්‍යාප්ත වීමෙන් පසු, අපි මෙම අක්ෂර අරාවකට ගොනු කර ගනිමු. ඉනික්බිති අපි මෙම අරාව නැවත ව්‍යාප්ත කොට නැවතත් අරාවකට ගොනු කර ගනිමු.
’...’ පෙළ, . අක්ෂර 3 කින් සමන්විත වේ. එමනිසා ප්‍රතිඵලය වන අරාවෙහි දිග 3 වේ.
දැන්, පියවරෙන් පියවර:
[...'...'] // -> [ '.', '.', '.' ]
[...[...'...']] // -> [ '.', '.', '.' ]
[...[...'...']].length // -> 3
ප්‍රත්යක්ෂවම, ඕනෑම අවස්ථා ගණනකදී, අපට අරාවක අවයවයන් ව්‍යාප්ත කර දැවටිය හැකි ය:
[...'...'] // -> [ '.', '.', '.' ]
[...[...'...']] // -> [ '.', '.', '.' ]
[...[...[...'...']]] // -> [ '.', '.', '.' ]
[...[...[...[...'...']]]] // -> [ '.', '.', '.' ]
// and so on …
ක්‍රමලේඛකයන් වැඩි දෙනෙක් JavaScript හි නම් පත් පිළිබඳ නොදනී. ඒවා ඉතා සිත් ගන්නා සුළු ය:
foo: {
console.log("first");
break foo;
console.log("second");
}
// > first
// -> undefined
නම් කළ ප්‍රකාශනය break හෝ continue ප්‍රකාශ සමඟ භාවිත වේ. ඔබට චක්‍රීය දාමයක් හඳුනා ගැනීම සඳහා නම්පතක් භාවිත කළ හැක, ඉනික්බිති ව, වැඩසටහන විසින් දාමයට බාධා කළ යුතු ද, නැතහොත් දිගටම පවත්වා ගත යුතු ද යන්න, break හෝ continue ප්‍රකාශනයක් මඟින් දැක්විය හැකිය.
ඉහත උදාහරණයේ, අපි foo නමැති නම්පත හඳුනාගනිමු. එයට පසු console.log('first'); ක්‍රියාත්මක වන අතර ඉනික්බිති අප ක්‍රියාකාරීත්වයට බාධා කරමු.
JavaScriptහි නම්පත් පිළිබඳ වැඩිදුර කියවන්න:
a: b: c: d: e: f: g: 1, 2, 3, 4, 5; // -> 5
පෙර උදාහරණ මෙන් ම, පහත සබැඳි අනුගමනය කරන්න:
try..catchමෙම ප්‍රකාශනය කුමක් ප්‍රතිදානය කරනු ඇත් ද? 2 හෝ 3?
(() => {
try {
return 2;
} finally {
return 3;
}
})();
පිළිතුර 3. පුදුම වුණා ද?
පහත උදාහරණය බලන්න:
new class F extends (String, Array) {}(); // -> F []
ෙය බහු උරුමය ද? නැත.
සිත් ඇදගන්නා සුළු කොටස නම් extends වාක්‍යංශයේ ((String, Array)) කොටසයි කණ්ඩායම් කාරකය සැමවිටම එහි අවසන් පරාමිතික අගය ප්‍රතිදානය කරයි. එමනිසා, (String, Array) යනු සත්‍ය වශයෙන් ම Array වේ. එයින් අදහස් වන්නේ අප අරාව දීර්ඝ කෙරෙන පන්තියක් නිර්මාණය කර ඇති බවයි.
ස්වයං උත්පාදනයේ යෙදෙන උත්පාදකය පිළිබඳ පහත උදාහරණය සලකන්න:
(function* f() {
yield f;
})().next();
// -> { value: [GeneratorFunction: f], done: false }
ඔබට දැකිය හැකි පරිදි, ප්‍රතිදාන අගය, එහි අගය, f ට සමාන වූ වස්තුවකි.මෙම අවස්ථාවේ දී අපට මෙවැන්නක් කළ හැකි ය:
(function* f() {
yield f;
})()
.next()
.value()
.next()(

// සහ නැවත
function* f() {
yield f;
}
)()

.next();

// and so on
// …
මෙය මේ අයුරින් ක්‍රියා කරන්නේ මන්දැයි වටහා ගැනීම සඳහා පිරිවිතරයේ පහත අංශ කියවන්න:
පහත අපැහැදිලි ක්‍රමලේඛ ව්‍යාකරණය සලකන්න:
typeof new class {
class() {}
}(); // -> 'object'
පන්තියක් තුළ පන්තියක් අර්ථ දැක්වෙන සෙයක් පෙනේ. වැරැද්දක් විය යුතු මුත් පෙළ 'object' ලැබේ.
ECMAScript 5 යුගයේ පටන්, keywords , property names ලෙස යෙදීමට අවසර ඇත. එබැවින්, මෙම සරල වස්තු උදාහරණය සහ :
const foo = {
class: function() {}
};
ES6 සම්මත විධි අර්ථ දැක්වීම් ලෙසින් මෙය ගැන සිතන්න . එමෙන් ම, පන්ති අඥාත විය හැකිය. එමනිසා, : function කොටස අතහැරිය හොත් අපට මෙය ලැබේ:
class {
class() {}
}
සාමාන්‍ය පන්තියක ප්‍රතිඵලය සැමවිටම සරල වස්තුවකි. සහ එහි typeof විසින් 'object' ප්‍රතිදානය කළ යුතුය.
මෙහි දී වැඩිදුර කියවන්න:
හොඳින් දන්නා සංකේත සමඟ, වර්ග පරිවර්තනයෙන් මිදීම සඳහා ක්‍රමයක් ඇත. මෙය බලන්න:
function nonCoercible(val) {
if (val == null) {
throw TypeError("nonCoercible should not be called with null or undefined");
}
const res = Object(val);
res[Symbol.toPrimitive] = () => {
throw TypeError("Trying to coerce non-coercible object");
};
return res;
}
දැන් අපට මෙය, මෙලෙස භාවිත කළ හැක:
// වස්තූන්
const foo = nonCoercible({ foo: "foo" });
foo * 10; // -> TypeError: Trying to coerce non-coercible object
foo + "evil"; // -> TypeError: Trying to coerce non-coercible object
// පෙළ
const bar = nonCoercible("bar");
bar + "1"; // -> TypeError: Trying to coerce non-coercible object
bar.toString() + 1; // -> bar1
bar === "bar"; // -> false
bar.toString() === "bar"; // -> true
bar == "bar"; // -> TypeError: Trying to coerce non-coercible object
// සංඛ්‍යා
const baz = nonCoercible(1);
baz == 1; // -> TypeError: Trying to coerce non-coercible object
baz === 1; // -> false
baz.valueOf() === 1; // -> true
පහත උදාහරණය සලකන්න:
let f = () => 10;
f(); // -> 10
හොඳයි. නමුත් මෙය පිළිබඳව කෙසේ ද:
let f = () => {};
f(); // -> undefined
ඔබ undefined වෙනුවට {} බලාපොරොත්තු වූවා විය හැකි ය. මෙයට හේතුව නම්, සඟල වරහන් යනු ඊතල කෘත්‍යයන් හි ව්‍යාකරණයේ කොටසක් වීමයි. එමනිසා, f අර්ථ විරහිත යන්න ප්‍රතිදානය කරනු ඇත.කෙසේ නමුත්, ප්‍රතිදාන අගය වරහන් මඟින් වට කිරීම මඟින්, ඊතල කෘත්‍යයකින් ඍජුවම {} ප්‍රතිදානය කළ හැකිය.
let f = () => ({});
f(); // -> {}
පහත උදාහරණය සලකන්න:
let f = function() {
this.a = 1;
};
new f(); // -> { 'a': 1 }
දැන්, ඊතල කෘත්‍යයන් සමඟ එයම සිදු කිරීමට උත්සාහ කරන්න:
let f = () => {
this.a = 1;
};
new f(); // -> TypeError: f is not a constructor
තැනුම් ව්‍යුහයන් ලෙස ඊතල කෘත්‍යයන් භාවිත කළ නොහැකි අතර,new සමඟ භාවිත කළ විට දෝෂයක් දක්වනු ඇත. මක් නිසා ද යත්, එය සතුව වචනාර්ථ this ඇති අතර මූලාකෘති ගුණය නොමැත. එමනිසා එය එතරම් අර්ථාන්විත නොවේ.
arguments සහ ඊතල කෘත්යයන්පහත උදාහරණය සලකන්න:
let f = function() {
return arguments;
};
f("a"); // -> { '0': 'a' }

let f = () => arguments;
f("a"); // -> Uncaught ReferenceError: arguments is not defined
ඊතල කෘත්‍යයන් යනු ලුහුඬු බව සහ this මත අවධානය යොමු කරන, සාමාන්‍ය කෘත්‍යයන් හි සැහැල්ලු මාදිලියකි. තව ද, ඊතල කෘත්‍යයන් arguments වස්තුව සඳහා බැඳීම් නොසපයයි. වලංගු විකල්පයක් වශයෙන් එකම ප්‍රතිඵලය සඳහා rest පරාමිතිය භාවිත කරන්න.
let f = (...args) => args;
f("a");
ප්‍රතිදාන ප්‍රකාශය ද උපක්‍රමශීලීය. මෙය සලකන්න:
(function() {
return
{
b: 10;
}
})(); // -> undefined
return සහ ප්‍රතිදාන ප්‍රකාශය එකම පේළියේ තිබිය යුතුය:
(function() {
return {
b: 10
};
})(); // -> { b: 10 }
මෙයට හේතුව ස්වයංක්‍රීය අර්ධ සලකුණු ඇතුළු කිරීම හෙවත් අලුත් පේළියකින් පසු ස්වයංක්‍රීය ව අර්ධ සලකුණු ඇතුලත් කිරීමයි. පළමු උදාහරණයේ ප්‍රතිදාන ප්‍රකාශය සහ වස්තු වචනාර්ථය අතරට අර්ධ සලකුණක් ඇතුළත් ව ඇත. එමනිසා කෘත්‍යය අර්ථ විරහිත ය යන්න ප්‍රතිදානය කරන අතර වස්තු වචනාර්ථය කිසි ලෙසකින් වත් නිර්ණය නොවේ.
var foo = {n: 1};
var bar = foo;
foo.x = foo = {n: 2};
foo.x // -> undefined
foo // -> {n: 2}
bar // -> {n: 1, x: {n: 2}}
දකුණේ සිට වමට , foo ට {n: 2} පැවරෙන අතර, මෙම පැවරුමේ අගය වන {n: 2}, foo.x ට පැවරේ. bar , foo ට යොමු කරන නිසා, bar හි අගය {n: 1, x: {n: 2}} වේ. නමුත් foo.x අර්ථ විරහිත වෙමින් bar.x එසේ නොවන්නේ මන්ද?
Foo සහ bar, {n: 1} නම් එකම වස්තුව පරිශීලනය කරන අතර පැවරුම් වලට පෙර වම් පස අගයන් විසඳේ.foo = {n: 2} නව වස්තුවක් නිර්මාණය කරන බැවින්, එම නව වස්තුව පෙන්නුම් කිරීම සඳහා foo යාවත්කාලීන වේ. මෙහිදී සිදුවන ඉන්ද්‍රජාලය නම් foo.x = ... හි foo, වම් පස අගයක් ලෙස අකල්හි විසඳෙන අතර ම පැරණි foo = {n: 1} පෙන්නුම් කරමින් x අගය එක් කොට එය යාවත්කාලීන කිරීමයි. මෙම පැවරුම් බැඳීම් වලට පසුව, bar තවමත් පැරණි foo වස්තුව පෙන්නුම් කරන මුත්, foo , x අන්තර්ගත නොවන නව {n: 2} වස්තුව පෙන්නුම් කරයි.
එය මෙයට සමාන වේ:
var foo = {n: 1};
var bar = foo;
foo = {n: 2} // -> {n: 2}
bar.x = foo // -> {n: 1, x: {n: 2}}
// bar.x point to the address of the new foo object
// it's not equivalent to: bar.x = {n: 2}
var obj = { property: 1 };
var array = ["property"];
obj[array]; // -> 1
ව්‍යාජ-බහුමාන අරාවන් පිළිබඳ කෙසේ ද?
var map = {};
var x = 1;
var y = 2;
var z = 3;
map[[x, y, z]] = true;
map[[x + 10, y, z]] = true;
map["1,2,3"]; // -> true
map["11,2,3"]; // -> true
කොටු වරහන් [] කාරකය, toString භාවිතයෙන්, ොමු කරන ලද ප්‍රකාශනය පරිවර්තනය කරයි. ඒක අවයව අරාවක් පෙළ බවට පරිවර්තනය කිරීම, අන්තර්ගත අවයවය පෙළ බවට පරිවර්තනය කිරීමට සමානය.
["property"].toString(); // -> 'property'
null > 0; // false
null == 0; // false
null >= 0; // true
සැකෙවින් පවසන්නේ නම්, අභිශුන්‍යය 0 ට වඩා කුඩා බව අසත්‍ය නම්, null >= 0 සත්‍ය විය යුතුයි. මේ සඳහා වන ගැඹුරු විවරණය මෙහිදී කියවන්න.
Number.toFixed() වෙනස් අංක පෙන්වයිNumber.toFixed() විවිධ වෙබ් පිරික්සුම් හි දී තරමක් වෙනස් ලෙස හැසිරිය හැක. මෙම උදාහරණය බලන්න:
(0.7875).toFixed(3);
// Firefox: -> 0.787
// Chrome: -> 0.787
// IE11: -> 0.788
(0.7876).toFixed(3);
// Firefox: -> 0.788
// Chrome: -> 0.788
// IE11: -> 0.788
ඔබේ පළමු අදහස “IE11 නිවැරදි අතර Firefox/Chrome වැරදි ය” යන්න විය හැකි වුවත්, සත්‍යය නම්, Firefox/Chrome, සංඛ්‍යා සඳහා වන සම්මුති වලට (IEEE-754 Floating Point) වඩා ඍජුවම ගරු කරන අතර, වඩා පැහැදිලි ප්‍රතිඵලයක් ලබා දීමට දරන උත්සාහය ක දී IE11 විසින් ඒවා ට ගරු නොකරන බවයි.
මෙය ඇතිවන්නේ කෙසේද යන්න ක්ෂණික පරීක්ෂා කීපයක් මඟින් ඔබට දැකගත හැකිය:
// Confirm the odd result of rounding a 5 down
(0.7875).toFixed(3); // -> 0.787
// It looks like it's just a 5 when you expand to the
// limits of 64-bit (double-precision) float accuracy
(0.7875).toFixed(14); // -> 0.78750000000000
// But what if you go beyond the limit?
(0.7875).toFixed(20); // -> 0.78749999999999997780
දශම සංඛ්‍යා, අභ්‍යන්තරිකව තැන්පත් ව පවතින්නේ දශම සංඛ්‍යා සමූහයක් ලෙස නොව toString සහ සමාන ඇමතුම් වලින් වැටයිය හැකි දෝෂ නිපදවන, නමුත් අභ්‍යන්තරයේ නිවැරදිව ඉදිරිපත් කෙරෙන සංකීර්ණ ක්‍රියාදාමයක් මඟිනි .
මෙම අවස්ථාවේදී , අග ඇති 5, සත්‍ය වශයෙන්ම, සත්‍ය 5 ට වඩා අතිශයින් ම කුඩා භාගයකි. එය සාධාරණ දිගකට වැටයීම මඟින් 5 ලෙස දර්ශනය කෙරේ . නමුත් එය අභ්‍යන්තරිකව සත්‍ය වශයෙන් ම 5 නොවේ.
කෙසේ නමුත් ඒ IE 11, toFixed(20) අවස්ථාවේදී පවා, අවසානයට 0 එක් කරමින් පමණක් අගය වාර්තා කරයි . එය දෘඩාංග මඟින් වන දෝෂ අවම කර ගැනීම සඳහා බලයෙන් අගයන් වැටයීමක් කරන සෙයක් පෙනේ.
NOTE 2 යොමුවේ toFixed සඳහා ECMA-262 අර්ථ දැක්වීම බලන්න.
Math.min()ට වඩා Math.max() කුඩා යMath.min(1, 4, 7, 2); // -> 1
Math.max(1, 4, 7, 2); // -> 7
Math.min(); // -> Infinity
Math.max(); // -> -Infinity
Math.min() > Math.max(); // -> true
null සහ 0 සැසඳීමපහත ප්‍රකාශන පරස්පර විරෝධී බවක් හඳුන්වා දෙන සෙයක් පෙනේ.
null == 0; // -> false
null > 0; // -> false
null >= 0; // -> true
null >= 0, true නම්, null , 0ට සමාන හෝ 0 ට වඩා විශාල හෝ නොවන්නේ කෙසේ ද?(මෙය වඩා කුඩායි සමඟ ද මෙලෙසම ක්‍රියා කරයි)
මෙම ප්‍රකාශන තුන නිර්ණය වන ආකාරය එකිනෙකට වෙනස් වීම, මෙම අනපේක්ෂිත හැසිරීමට වගකිව යුතුය.
පළමුව, වියුක්ති සමානතා සැසඳීම null == 0. සාමාන්‍ය පරිදි, මෙම කාරකයට එක පසෙක හෝ අගයන් නිසි ලෙස සැසඳිය නොහැකි නම්,එය දෙපසම සංඛ්‍යා බවට හරවා සංඛ්‍යා සසඳයි. ඉනික්බිති, ඔබ පහත බලාපොරොත්තු විය හැකි ය:
// සිදුවන්නේ මෙය නොවේ
(null == 0 + null) == +0;
0 == 0;
true;
කෙසේ නමුත්, null හෝ undefined ඇති පැත්තක මෙම පරිවර්තනය සිදු නොවේ. එමනිසා, ඔබේ සමාන ලකුණෙන් එක පසෙක null ඇත්නම්, ප්‍රකාශනය සත්‍යය ප්‍රතිදානය කිරීම සඳහා, අනෙක් පස null හෝ undefined විය යුතුමය. මෙය මෙහිදී සිදු නොවන නිසා අසත්‍ය ප්‍රතිදානය වේ.
මීළඟට, null > 0 සැසඳීම යි. ඇල්ගොරිතමය, වියුක්ති සමානතා කාරකයේ දී මෙන් නොව, null යන්න සංඛ්‍යාවක් බවට හරවයි. මෙනිසා, අපට මෙම හැසිරීම ලැබේ:
null > 0
+null = +0
0 > 0
false
අවසානයේ, null >= 0 සැසඳීම යි. මෙම ප්‍රකාශනය null > 0 || null == 0 හි ප්‍රතිඵලය විය යුතු බවට ඔබට තර්ක කළ හැකිය; මෙය සත්‍ය නම්, ඉහත ප්‍රතිපල වලින් ගම්‍ය වන්නේ මෙය අසත්‍ය ද විය හැකි බවයි. කෙසේ නමුත්, ඇත්ත වශයෙන් ම >= කාරකය ක්‍රියා කරන්නේ ඉතා වෙනස් ආකාරයකිනි;කෙසේද යත් මූලිකවම < හි විරුද්ධාර්ථය ගැනීමෙනි. වඩා විශාල කාරකය යොදාගත් ඉහත උදාහරණය, වඩා කුඩා කාරකයට ද වලංගු නිසා, මෙයින් අදහස් වන්නේ මෙම ප්‍රකාශනය සත්‍ය වශයෙන් ම පහත පරිදි නිර්ණය වන බවයි:
null >= 0;
!(null < 0);
!(+null < +0);
!(0 < 0);
!false;
true;
JS, විචල්‍ය ප්‍රති ප්‍රකාශනයට ඉඩ දෙයි:
a;
a;
// මෙයද වලංගුය
a, a;
දැඩි මාදිලියේ දී ද ක්‍රියා කරයි:
var a, a, a;
var a;
var a;
සියලු අර්ථ දැක්වීම් එක් අර්ථ දැක්වීමකට ඒකාබද්ධ වේ.
ඔබට සංඛ්‍යා අරාවක් පිළිවෙළ කිරීමට අවශ්‍ය යයි සිතමු.
[ 10, 1, 3 ].sort() // -> [ 1, 10, 3 ]
සාමාන්‍ය පිළියෙළ කිරීම් අනුපිළිවෙල, අවයව පෙළ බවට පරිවර්තනය කොට, එම UTF-16 කේත ඒකක සැසඳීම මත තැනී ඇත.
පෙළ හැර වෙන යමක් පිළියෙළ කිරීමේදී comparefn යොමු කරන්න.
[ 10, 1, 3 ].sort((a, b) => a - b) // -> [ 1, 3, 10 ]
හාස්‍යජනක සහ දුරවබෝධ JavaScript උදාහරණ

සිත් ඇදගන්නා සුළු කොටස නම් extends වාක්‍යංශයේ ((String, Array)) කොටසයි කණ්���ායම් කාරකය සැමවිටම එහි අවසන් පරාමිතික අගය ප්‍රතිදානය කරයි. එමනිසා, (String, Array) යනු සත්‍ය වශයෙන් ම Array වේ. එයින් අදහස් වන්නේ අප අරාව දීර්ඝ කෙරෙන පන්තියක් නිර්මාණය කර ඇති බවයි.